By unusuma.lk on
(LK time)ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුව ඇති අතර විදුලි සැපයුම යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බව ස්පාඤ්ඤය සඳහන් කරයි.
කෙසේ වෙතත් පෘතුගාලයේ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ කාලයක් ගතවනු ඇති බව එරට ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන රෙන් සඳහන් කරයි.