එළඹෙන 03 වැනිදා සිට සියල්ල අවසන්.!

එළැඹෙන මැයි මස (03) වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසුව සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරක කටයුතු මැයි මස (03) වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය බවට ප්‍රකාශයට පත් කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේදී උචිත ලකුණ සළකුණු කිරීම සඳහා සුළැඟිල්ල යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments