By unusuma.lk on
(LK time)මෙරට ඉතිහාසය වෙනස් කරමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ලඟා වී ඇත.
කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලුම් නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
මෙම බහලුම් නෞකාව දිගින් මීටර් 399.90 කින් සහ පළල මීටර් 61.30කින් යුතු බවත් ටොන් 240739.0ක ධාරිතාවයකින් සමන්විත බවත් බහලුම් 24,24ක් නෞකාවේ රැගෙන යා හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලුම් නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.