රුසියාවේ කසාන් නගරය ගිනිබත් කරමින් යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර.!

යුක්‍රේනය විසින් රුසියාවේ කසාන් නගරයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවත් ඒ හේතුවෙන් කසාන් නගරය අවට ගුවන් තොටුපොළවල් කිහිපයක් වසා දමා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

මොස්කව් සිට 800km ක් පමණ දුරින් පිහිටි කසාන්හි නේවාසික සංකීර්ණ කිහිපයකට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බවත් ඩ්‍රෝන තරංග තුනකින් නගරයට ප්‍රහාරයක් එල්ල වී ඇති බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ප්‍රහාර එල්ල වූ ගොඩනැගිලිවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු කසාන්හී බලධාරීන් විසින් සිදු කළ බවත් ඩ්‍රෝන යානා නගරයේ නේවාසිකගාර ප්‍රදේශ ඉලක්කය වී ඇති බවද කසාන් නගරාධිපති කාර්යාලය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.