ලංකාවට ලබාදුන් තවත් ණයක් ඉන්දියාව එපා කියයි.!

ශ්‍රී ලංකාවේ මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සදහා ලබාදුන් ඉන්දීය ණය සම්පුර්ණයෙන්ම ප්‍රදානයක් ලෙස පිරිනැමීමට ඉන්දියාව එකගතාව පළ කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා කොටස ඉදි කරනු ලැබුවේ ඉන්දීය ණය ආධාර යටතේ බවත් එහි ඉදිකිරීම් බොහෝ දුරට අවසන්ව ඇති බවත් සංඥා පද්ධති සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම දුම්රිය මාර්ගය ඉදිකිරීමට ලබාදුන් ණය මුදල සම්පුර්ණයෙන්ම ප්‍රදානයක් ලෙස පිරිනැමීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බැවින් මින් ඉදිරියට එම ණය ගෙවීමේ අවශ්‍යතාවක් නැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.