මුස්ලිම් ජනතාවගේ ඉල්ලීමට රජයෙන් ප්‍රතිචාර.!

මුස්ලිම් ජනතාව විසින් පසුගිය කාලසීමාව පුරා තම ප්‍රජාව නියෝජනය සඳහා කැබිනට් මණ්ඩලය තුළ මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ අවශ්‍යතාව සම්බන්දයෙන් රජය පාර්ශවයෙන් ඉල්ලීම් කළහ.

ඒ අනුව, වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී පත්කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඔහු දැනට දරන සමාජ ඒකාබද්ධතා විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය. මෙතෙක් වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු සිටියේ නැත. එම අඩුව පුරවාලීම නව පත්වීමේ අරමුණ බව වාර්තා වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.