“විශේෂ දැන්වීම්” අමාත්‍යංශයෙන් නිවේදනයක්.!

ජාතික පාසල්වල, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි එම පාසල්වල පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

අයදුම්පත් කැඳවීම සදහා වන සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය, සහ ආදර්ශ ඉල්ලුම්පත්‍ර පසුගිය (11) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව අමාත්‍යංශය සදහන් කරයි.

එම වෙබ් අඩවියේ “විශේෂ දැන්වීම්” යටතේ එම අයදුම්පත බාගත කිරීමට කර ගත හැකි බවත් එම එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මෙම මස (31) වන දින බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.