හිත උණු වූ රනිල් ලක්ෂ 7350ක් පුදලා.. තවත් වාර්තාවක් එළියට.!

පසුගිය අරගල සමයේ දී නිවාස ගිනිතැබීමට ලක් වූ මැති ඇමතිවරුන්ට රුපියල් ලක්ෂ 7350 ක මුදලක් හානි පූරණය සදහා වූ කාර්යාලය හරහා, වන්දි වශයෙන් ලබාගෙන ඇති බව හානි පූරණය සදහා වූ කාර්යාලය පිළිබදව සිදු කරන ලද විගණන වාර්තාවකින් අනාවරනය වී ඇත.

2023 වසරේ දී හානි පූරණය සදහා වූ කාර්යාලය වන්දි වශයෙන් මුදාහැර ඇති මුළ මුදල රුපියල් ලක්ෂ 13,350 ක් වන අතර ඉන් රුපියල් ලක්ෂ 7530කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ නිවාස ගිනි තැබීමට ලක් වූ මැති ඇමතිවරු වෙනුවෙනි. 

දේපොල හානි සිදු වූ අනෙක් සියලු පුද්ගලයන් වෙනුවෙන් මුදාහැර ඇති වන්දි මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 5820 ක් පමණක් වන අතර මැති ඇමතිවරුන්ට මෙසේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ, මැති ඇමතිවරු වන්දි ඉල්ලීමට පෙර වෙනත් විශාල පිරිසක් වන්දි ඉල්ලා තිබිය දී බවද සඳහන්.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.