By unusuma.lk on
(LK time)ඊයේ (21) දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරෙන් තුවාල ලබා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බස් රථයේ රියදුරු ලබන (26) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති විසින් අද (22) නියෝග කළේය.
රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසා මෙම නියෝගය ලබාදී ඇති අතර එම සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළම මේ වනවිට ප්‍රතිකාර ලබමින් ඇත.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ මෙම බස් රථය මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට ලක්වු අතර අනතුරින් රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.