By unusuma.lk on
(LK time)නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) දින පාර්ලිමේන්තුවේදී සදහන් කළාය.
පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස් කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
එළඹෙන 2026 වසරේ සිට අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යෝජනා කරන අතර විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය සහ ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතයන් වඩාත් යෝග්‍ය පරිදි වෙනස් කිරීමට කටයුතු කරන බවත් එම විෂයන් කිසිවිටෙකත් ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සදහන් කළේ,
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් විෂයමාලා ඇඟයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇඟයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වෙන පරිදි අපි සංශෝධනය කරනවා. අපි අපේක්ෂා කරනවා විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික, ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න අපි සැලසුම් කරනවා.”