By unusuma.lk on
(LK time)අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ සෑම ගමකම විසිරී සිටින කණ්ඩායම් එක් කරගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කර ඇති බවත් ඉන් අනතුරුව පක්ෂ නායකයින් සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් ය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමට කටයුතු කිරීම හරහා ඔහු අවසානයේ ජනාධිපති ධූරයට පත්වූ බවත් ඔහු නතර කරපු තැනින් ඉදිරියට රට ගෙන යාමට හැක්කේ නාමල් රාජපක්ෂට පමණක් බවත් ඔහු පැවසීය.
තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් පළිගැනීමේ අවසන් ප්‍රතිඵලය ඔහු අනිවාර්යෙන්ම විධායක ජනාධිපති බවට පත්වීම බවයි.