By unusuma.lk on
(LK time)රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය හරහා සුවිශේෂී රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.
ඒ අතරින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි බවට රෙගුලාසියක්ද පනවා තිබේ.
එමෙන්ම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකකට සීමා විය යුතු අතර එම වාහන සඳහා මසකට උපරිම වශයෙන් ඉන්ධන ලීටර් නවසීයක ප්‍රතිපාදන වෙන් කෙරෙන බවද අදාල චක්‍රලේඛයේ සඳහන් වෙයි.
අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වෙත සපයනු ලබන උපරිම රාජකාරී දුරකථන සංඛ්‍යාව හතරක් වන අතර කාර්යාල සහ නිවාස දුරකථන සඳහා රුපියල් 20000ක්, ජංගම දුරකථනය සඳහා රුපියල් 10000ක ප්‍රතිපාදන ද වෙන්කර තිබේ.