By unusuma.lk on
(LK time)ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු හෙට (25) දින අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
පළමුව ජය ශ්රී මහා බෝධිය හා රුවන්වැලිසෑයට වෙත ගොස් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
අනතුරුව ග්රාමීය නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනහමු මාලාවක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති අතර එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාපක්ෂගේ ප්රධානත්වයෙන් මෙම කටයුතු සිදු කරයි.