වෛද්‍යවරුන්ට දුන් 63 හෙදියන්ටත් දෙන්නැයි රජයෙන් ඉල්ලයි.!

සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති අවුරුදු 63ක විශ්‍රාම ගැනීමේ වයස හෙද හෙදියන්ටත් ලබා දෙන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

රජයේ රෝහල් සදහා 2018 අනුමත කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව අනුව හෙද කාර්ය මණ්ඩලය 30,985ක් අනුමතව ඇතත් සිටින්නේ 26,801ක් පමණක් බවත් ඒ අනුව 4,184 දෙනකුගේ හිඟයක් ඇති බවත් 2018න් පසු වසර හයක් ගත වී ඇතත් අලුතින් අනුමත කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව ගණනය කර නැතැයි ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සදහන් කරයි.

මේ වනවිට සැලකිය යුතු හෙද හෙදියන් පිරිසක් විදේශගතව ඇති බවත් තවත් විශාල පිරිසක් මේ වනවිට විදේශගත වන්නට සියල්ල සූදානම් කර ඇති බවත් පවතින තත්ත්වය අනුව ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්නට රජය පියවර නොගතහොත් ඉදිරියේදී බරපතළ හෙද හිඟයකට මුහුණ දෙන්නට සෞඛ්‍ය සේවාවට සිදුවනු ඇති බවද සදහන් කරයි.

විශ්‍රාම ගන්නා වයස් සීමාව සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් දී ඇති බවත් ඒ අනුව වයස 63 දක්වා සේවයේ යෙදීමට අවස්ථාව ලැබී ඇතත් ඔවුන් මේ වනතුරුත් කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලබා සේවයේ යෙදෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවැති මාධ්‍ය හමුවකදී පවසයි.

වෛද්‍යවරුන් ලබාගත් රිට් ආඥාවට අවනත වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මත වෛද්‍යවරුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කළත් හෙද හෙදියන් නොසලකා හැර ඇති බවත් මෙය සලකා බලා හෙද හෙදියන්ගේ විශ්‍රාම ගන්නා වයස 63 දක්වා දිගු කරන ගැසට් පත්‍රය නිකුත් කරන්නැයි වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද ආනන්ද හිමියෝ පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.