ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්.. ලංකාවේ සුනාම් අවදානම.?

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපක 6.6ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සුනාමි අවදානමක් නොමැති බවයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest