කටුනායකට ආ ගුවන් යානා ආපසු හරවා යවයි.!

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇත. 

කටුනායක වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල, ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් ලබාදී ඇත.

එසේ නොමැති නම් 1979 ක්ෂණික දුරකථන අංකයට හෝ +94 117 77 1979 අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසද ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනුම් දෙයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments