ර⁣ටම විනාශ කළ දිට්වා ලංකාවෙන් යයි.!

හෙට (30) දිනය වනවිට දිට්වා සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර සඳහන් කළාය.

අද (29) උදෑසන වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 80ක් පමණ වයඹ දෙසින් කේන්ද්‍රගතව පැවති මෙම සුළි කුණාටුව මේ වනවිට උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ගමන් කළ බවද කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර සඳහන් කළාය.

මෙම සුළි කුණාටුව බැහැරට යාමත් සමග මෙරට වැසි තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව නොගියත් යම් තරමකට අඩුවන බවද කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර සඳහන් කළාය.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest