මරණ සංඛ්‍යාව 193ක් දක්වා ඉහළට.. අතුරුදන් ගණන 228ක්.!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාව අනුව දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව තිබේ.

අද (30) උදෑසන 11.30ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් පරිදි, මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව තිබේ.

මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ මරණ 71කි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ ආපදාවන්ට ලක්වූ ස්ථානයන් වෙත තවමත් මුදාගැනීමේ සහන කණ්ඩායම්වලට ළඟාවීමට අසීරු වී ඇති අතර, මේ හේතුවෙන් මහනුවර පුද්ගලයින් 105 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 53 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදන්ව ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments