හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු වසා දමයි.!

ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක සඳහන් කරයි.

හලාවත මහ රෝහල මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවත් මේ වන විටත් රෝහල අඩි පහකට වඩා ජලයෙන් පිරී ඇති බවද අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යැවූ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

අනෙක් රෝගීන් ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

ඒ අනුව රෝහල නැවත විවෘත කිරීම සඳහා ගතවන දින වකවානුවක් පැවසිය නොහැකි බැවින් යළි දැනුම්දෙන තුරු කිසිදු රෝගියෙකු හලාවත මහ රෝහලට රැගෙන ඒමෙන් වළකින ලෙසස රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest