අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චිට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල එළඹෙන ජුනි මස (09) වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) දින නියම කළේය.
රුපියල් මිලියන 28කට අධික වත්කම් අයතා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර නෙවිල් වන්නිආරච්චි අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවත් එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
අනතුරුව පැමිණිල්ල ජුනි මස (09) වනදා කැඳවීමට නියම කළ අධිකරණය, එදින මෙම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළේය

