අනේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න එපා.. හිටපු මන්ත්‍රීන්ගෙන් පෙත්සම් 2ක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා බී.එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් යන අය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අනෙක් පෙත්සම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන අය විසින් ඉදිරිපත් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව එම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments