දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ජනවාරි (23) වැනිදා සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුළ දැඩි නොසන්සුතාවක් නිර්මාණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
අද (19) දින පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් තමන් විසින් සිදු කිරීමට යෝජිත වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
එහෙත් අදාළ සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඉටු නොවීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කළ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

