පාසල් සිසුවිය දූෂණය කළ පාසල් සිසුන් අත්අඩංගුවට.!

11 වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී දූෂණය කළ පාසල් සිසුන් දෙදෙනෙකු සහ දුෂණය කිරීමට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන සිසුවිය ගිනිගත්හේන, ගෝනවල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

මෙම සිසුවිය පෙම්වතා හමුවීමට යන අවස්ථාවේ පෙම්වතා විසින් පාසල් සිසුවියව මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මිත්තණිය භාරයේ සිටින සිසුවිය පසුගිය (17) වනදා උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇති වූ සැකය මත මිත්තණිය ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

අනතුරුව පාසල් සිසුවිය පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී ඇය ව්සින් පෙම්වතා සහ ඔහුගේ මිතුරෙකු ඇයව දූෂණය කළ බවට සියල්ල පාපොච්චාරණය කර ඇත. 

එම පාපොච්චාරණය අනුව ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 සහ 17 වන වියේ පසුවන අතර ඔවුන් ඊයේ (19) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස (02) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments