ගල් අඟුරු ගනුදෙනු පිටුපස පසුගිය ආණ්ඩුවේ ඥාති සබඳකම් හෙළිවෙයි.!

පසුගිය 2023 වසරේ සිට ගල් අඟුරු ටෙන්ඩරය කිසිදු වලංගු ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකර සැපයීම සිදුකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

මෙම සැපයීම ඉතා වංචාකාරී ලෙස පසුගිය ආණ්ඩුව විසින් දූෂිත කැබිනට් අනුමැති හරහා කිසිම සුදුසුකමක් නැති එකම එක සැපයුම්කරුවෙකුට ලබාදී තිබෙන බවද අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරයි.

අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ,

“2023 සිට මෙම ටෙන්ඩරය දක්වා කිසිදු වලංගු ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකර තමා මෙම සැපයීම ඉතා වංචාකාරී ලෙස පසුගිය ආණ්ඩුව විසින් දූෂිත කැබිනට් අනුමැති හරහා තමා කිසිම සුදුසුකමක් නැති එකම එක සැපයුම්කරුවෙකුට දීලා තියෙනවා.

මේක මුලිකවම ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ නෑ. ඒගොල්ලෝ වෙන කොහෙවත් රටකට සපයලත් නෑ. කිසිම මුලික සුදුසුකමක් තිබිලත් නෑ. වෙන සමාගමක මුල්‍ය සුදුසුකම්, සැපයුම් සුදුසුකම් පෙන්නලා තමා කැබිනට් එකට ඒගොල්ලෝ සැපයීම කරලා තියෙන්නේ.

ඔය ගොඩාක් අය රිදිලා, මන්ත්‍රීතුමෙක් බොහෝම දැගලුවා. මොකද ඒගොල්ලන්ට රිදිලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ සප්ලයස් ලොස්. ඒගොල්ලන්ගේ සප්ලයට ගන්න බැරිවුනා මේ සැරේ.”

Advertisements
Advertisements
3 Comments
Most Voted
Newest Oldest