මිලියන 800ක පාඩුවක්.. අර්ජුනට සහ ධම්මිකට අධි චෝදනා ගොනු කරයි.!

හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද (22) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට අධි චෝදනා ගොනුකර ඇත.

මෙම නඩුව අද (22) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest