අනූෂ පැල්පිටට අධිකරණයෙන් දුන් නියෝගය.!

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්තේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇත. 

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments