අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විශේෂඥයන් රැසක් සමග සජිත් දීර්ඝ සාකච්ඡා.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයන් සහ පාර්ශ්ව සමග විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවකදී පැවසූවේ Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි, හින්දි, චීන, ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම පැවසුවේ සමගි ජන බලවේගය බවයි.

මෙහිදී විපක්ෂනායකවරයා අදාළ කණ්ඩායම සමඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබේ.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසූවේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ අකමැත්තක් නොමැති බවත් Green Paper, White Paper හරහා මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන ලෙස පැවසුවේ සමගි ජන බලවේගය බවත් ය.

එමෙන්ම විපක්ෂයකට ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ නතර කරන්න බලයක් නොමැති බවත් සමගි ජන බලවේගය කිසිදා ජනතාව පාරට බස්සවා එවැනි දේ සිදු නොකරන බවද මෙහිදී ඔහු අවධාරණය කර සිටියේය.

එහිදී විපක්ෂ නායකවරයාවරයා සඳහන් කළේ ගුරු පුහුණු ගැටලු, තාක්ෂණික ගැටලු ආදිය මගහරවා ගනිමින් 2027 දී මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ජනාධිපතිවරයා ගත් තීන්දුවක් මිස විපක්ෂය ඊට සම්බන්ධ නොමැති බවය.

Buddy net යන වෙබ් අඩවිය සහිත මොඩියුලය හදන්න විපක්ෂය සම්බන්ධ නැති බවත් ස්ථාන 12ක් මගින් මේ මොඩියුලය පරීක්ෂා කරන බවත් එවැනි ආකාරයට නිර්මාණය වූ මෙවැනි මොඩියුල සුදුසුද නැද්ද කියා දෙමාපියන්ම තීරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහිදී සඳහන් කර සිටියේය.

5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments