අද (25) අලුයම 2.35ට පමණ නාල්ල පොලිස් වසමේ තලහේන හන්දිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නාල්ල පොලීසිය පවසයි.
නාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් රාත්‍රී ජංගම සංචාරය අතරතුර තලහේන ග්‍රාමයට ඇතුළුවන මාර්ගය අසල ලොරි රථයකට ගවයින් පටවමින් සිටි පිරිසක් දැක ඔවුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර
ඒත් සමඟ ලොරි රථයේ සිටි පුද්ගලයෙකු නිලධාරීන්ට පහරදීමට උත්සාහා දරා ඇති අතර, එහිදී ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරියෙක් සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කඳාන ප්‍රදේශයේ අයෙකි.
ඔහුගේ වම් අතට වෙඩි වැදී ඇති අතර, මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලොරි රථයේ සිටි අනෙක් සැකකරුවන් සිව්දෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාල්ල පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

