පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න පසුගිය (23) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනමට ලක් කළේය.
වැඩ තහනමට ලක් කෙරුණු ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව වාර්තා වේ.
අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලට එලෙස පැමිණිලි කිරීමට නියමිත බව වාර්තා වේ.
තමන්ට එරෙහිව චෝදනාවක් ඇත්නම් නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා කඩ කර ඇති බව එම පැමිණිලි වල සඳහන් වේ.

