පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තියක්.!

පාසල් ආශ්‍රිතව අයිස් පලම්, ටොෆි, බොම්බයිමොටයි, බිස්කට් සහ සාරවිට ආශ්‍රයෙන් මාවා සහ බාබුල් විකිණීමේ ක්‍රමයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

එවැනි ව්‍යාපාරික තැනැත්තන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ වනවිට ඒ හා සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

එනිසා පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවද අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයෙකුට සමාවක් හිමි නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කොකේන්, අයිස්, හෙරොයින් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණ දණ්ඩනය හිමි වන වරදක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments