රනිල්ගේ ලේකම් අතුරුදන්.. අත්අඩංගුවට ගන්න හොයයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුවේ සැකකරුවකු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කළද, ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුවේ සැකකරුවකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබුණද, ඊයේ (26) දින රාත්‍රියේ සිටම සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තද ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත.

පොලිස් කණ්ඩායම් කිහිපයක් සමන් ඒකනායකගේ පෙර පදිංචි නිවස පරීක්ෂා කර ඇති නමුත් ඔහු එහි රැඳී සිට නොමැති අතර ඔහු සෙවීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා වේ.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments