පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල අද (29) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවයි.
මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.
මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව පැමිණිල්ල යළිත් ජූලි (30) වනදා කැඳවීමට නියම කළ මෙහෙස්ත්‍රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියම කළේය.
සමාගමක් පවත්වාගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අයතා ලෙස උපයාගත් මුදල් විශුධිකරණයට ලක්කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් 2016 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.

