බෝගම්බර හිරගෙදර ගැන රජය ගත් තීරණය.!

මහනුවර බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සුරැකෙන පරිදි නවීන පන්නයේ සංචාරක හෝටල් සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

දශකයකට අධික කාලයක් විවිධ හේතූන් මත ප්‍රමාද වූ බෝගම්බර බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පුරාවිද්‍යාත්මක උරුමයන්ට හානි නොවන පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

බෝගම්බර බන්ධනාගාරයේ ඉදිරිපස පෙනුම හෝ එහි පැරණි ගෘහ නිර්මාණ ශිල්පය කිසිදු වෙනසකට ලක් නොකරන බවද බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඓතිහාසික දළදා මාලිගාව ඉදිරිපිට පිහිටා තිබීම හේතුවෙන් මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවත් ව්‍යාපෘතියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගාලු කොටුව තුළ සිදුකරන සංරක්ෂණ ක්‍රමවේදයට සමාන ලෙස පුරාවිද්‍යාත්මක කොන්දේසිවලට යටත්ව මෙය ක්‍රියාත්මක වන බවත් මේ සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපය තුළ සුදුසු ආයතනයක් තෝරා ගනු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments