ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගන්න.!

හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 

2012 – 2013 කාලසීමාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 10ක් මිලදී ගැනීමට සූදානම් වු අවස්තාවේ සිදුවූ දූෂිත ගණුදෙනුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (02) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුවේ තුන්වන සැකකරු ලෙස චමල් රාජපක්ෂගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන ලෙසට නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ මෙම නඩුවේ සෙසු සැකකරුවන් වන අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර සිටියි.

අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, දැනට අමෙරිකාවේ පදිංචි බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා ලෙසයි.

තවද රතු වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments