වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.
නීතිඥ චමින්ද කුලරත්න කථානායකවරයාට එරෙහිව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
කථානායකවරයකුට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම්වරයෙක් මෙවැනි දුෂණ චෝදනා පැමිණිල්ලක් යොමු කරන මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
තමන්ව පාර්ලිමේන්තු සේවයෙන් වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට තමා කෙරෙහි පවතින පෞද්ගලික අමනාපයක් සහ ද්වේශ සහගත බවක් නිසා බව චමින්ද කුලරත්න සඳහන් කරයි.
තමාගේ වැඩ තහනම් කිරීම සඳහා කථානායකවරයා විසින් නීති විරෝධී ලෙස පත් කරගන්නා ලද විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු ලවා සකස් කරන ලද අසත්‍ය වාර්තාවක් උපයෝගී කරගෙන ඇති බවටද චමින්ද කුලරත්න චෝදනා කරයි.

