යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කරයි.
සත්‍යතාවයකින් තොර අසත්‍ය කරුණු සමාජගත කිරීමට එරෙහිව නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කරයි.
මෙවැනි අසත්‍යය සහ සංවේදී තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් හේතුවෙන්, සමාජය තුළ අනවශ්‍ය බියක් නිර්මාණය වීම අයහපත් තත්ත්වයක් බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.
දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි ප්‍රචාර දැඩි ලෙස හෙළා දකින බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

