දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇත.
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම හෙට (05) පෙ.ව. 09.00ට විවෘත වන අතර, එය පෙබරවාරි මස (19) වන දින ප.ව. 09.00 දක්වා විවෘතව පවතී.
රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් පෙබරවාරි මස (20) වන දින උදේ 9.00ට විවෘත වන අතර, එය මාර්තු මස (05) වන දින උදෑසන 9.00ට අවසන් වේ.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් හා සටහන 3 මගින් ආවරණය වන උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවා ඇත.

