Advertisements

නව විගණකාධිපති කථානායක ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි.!

නව විගණාකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා ජයරත්න අද (5) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදීම සිදුවිය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest