දයාසිරිගේ නඩුවට දුන් නියෝගය.!

පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ තිබෙන නඩුවේ නියෝගය අද (06) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේය.

නමුත් මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන (17) වනදා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (06) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීට පෙර නියෝග නිකුත් කර තිබූ බව පැමිණිලිකාර දයාසිරි ජයසේකර සඳහන් කර ඇත.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest