සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපති සහ කොස්තාපල් අත්අඩංගුවට.!

සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව මොවුන් අත්අඩංගුව ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි.

සැකකරුවන් හෙට (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments