කළුතර ඉඩමකින් මෝටාර් බෝම්බ 23ක් මතුවෙයි.!

යුධ සමයේ භාවිතා කරන ලද මෝටාර් බෝම්බ 23ක් කළුතර ඉඩමක තිබී අද (08) හමුවූ බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

කළුතර සෙන්ට්‍රල් හන්දිය, පැරකුම් මාවතේ පිහිටි ඉඩමක කායවර්ධන මධ්‍යස්ථානයකට අත්තිවාරමක් කැපීමේ කටයුතු සිදුකරමින් සිටියදී මෝටාර් බෝම්බ 3ක් හමුවී ඇත.

පසුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා එහි තවත් මෝටාර් බෝම්බ ඇති බවට සැකකර මඩ වතුර වලින් පිරී තිබූ වලවල් විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදා පරීක්ෂා කිරීමෙන් පසුව තවත් මෝටාර් බෝම්බ 20ක් සොයාගෙන ඇත.

අදාළ මෝටාර් බෝම්බ තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කදවුර වෙත රැගෙන ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments