සිසු සැරිය සම්බන්ධයෙන් රජයේ අවධානය.!

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති ගැටලු අවම කරමින් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට “සිසු සැරිය” පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව යොදවා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ⁣ නිලධාරීන් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 

පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම ක්‍රමවත් කිරීම වෙනුවෙන් නීති රෙගුලාසි හඳුන්වාදීම, ළමා ආරක්ෂණය සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් පාසල් දරුවන් ප්‍රවාහනයේදී වාර්තා වෙන අපයෝජන සහ හිරිහැර නතර කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නන් සඳහා වෘත්තීයමයභාවය වැඩි දියුණු කරමින් වගකීම් සහගත සේවාවක් බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. 

පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීමේ බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර ඊට අදාළ රෙගුලාසි කෙටුම්පත් මේ වනවිට සකස් කර ඇති බැවින් එහි අඩංගු කරුණු පිළිබඳව හා ඒ සඳහා ඇතුළත් විය යුතු නව යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments