‘හැමෝම ආදරය කරන ක්‍රීඩාව’ ජනපති අනුරගෙන් පාකිස්ථාන අගමැතිට ස්තුතිය.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කරන ලෙස පකිස්ථාන රජය සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිය “X” ගිණුමේ සටහනක් තබමින් පාකිස්ථාන අගමැතිවරයාට සිය කෘතඥතාවය පුදකර ඇත.

සිය “X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,

“අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාව අඛණ්ඩව සිදු කරගෙන යාම සහතික කිරීම ගැන පාකිස්ථාන අගමැතිවරයාට ස්තූතිය පුද කරනවා. කොළඹ පැවැත්වෙන T20 ක්‍රිකට් ලෝක කුසලානයේ, සැවොම උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්ථාන තරගය සැලසුම් කළ පරිදි සිදුවීම ගැන සතුටුයි.”

“තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙන් ම ඒ පිළිබඳව සැලකිලිමත් වූ සියලු දෙනාගේම උත්සාහයට ස්තූතිවන්ත වනවා. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්ථානය යන දෙපාර්ශවයම පෙන්වූ සහයෝගීතාවය ශ්‍රී ලංකාව අමතක කර නැහැ. ආරක්ෂක හේතූන් මත අනෙක් අය ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි අවස්ථාවක, එම රටවල් දෙක කොළඹදී ක්‍රීඩා කළා.”

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments