දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වා දීමට අනුමැතිය.!

ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩි දියුණු කිරීම පිණිස, යෝජිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments