ලෝකයම බලා සිටින ඉන්දියා – පාකිස්ථාන තරගයට උපරිම ආරක්ෂාව.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ එළැඹෙන (15) වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“විවිද ප්‍රශ්න මැද මේ ඉන්දු – පකිස්තාන තරගය නොපැවැත්වීමේ තත්ත්වයක් තමයි තිබුණේ. මේකට රජය හැටියටත් පහුගිය දවස් කීපය පුරාවටම විවිධාකාර මැදිහත්වීම් සිදුකරා. එහි අවසන් ප්‍රතිඵලය හැටියට අපිට දැන් මේ තරගය පවත්වන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. 

විශේෂයෙන්ම මේ වෙලාවේ ICC එක සහ අපේ ක්‍රිකට් ආයතනය වගේම මැදිහත් වෙච්ච කණ්ඩායම් කිහිපයක්ම හිටියා. ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැතිතුමා එක්ක දුරකතනයෙන් මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවක් කළා. ඒ පිළිබඳව පාකිස්තාන රජයත් මේ පිළිබඳව නිල වශයෙන් දැනුම්දීලා තිබෙනවා.

රටක් හැටියට අපි සතුටු වෙනවා මේ දෙරට අතර තරගය ලංකාවේ පවත්වන්නට හැකි වීම ගැන. අනිත් පැත්තෙන් කලාපයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගෙන රටවල් අතර මිත්‍රත්තවය, සහයෝගීතාවය වර්ධනය කිරීමේදී රටක් හැටියට අපිට මැදිහත් වීමට යම් හෝ අවස්ථාවක් ලැබෙනවා නම් ඒක රජයක් හැටියට නොපිලිහෙළා ඉටු කරන්න අපි කටයුතු කරනවා.

අපි ඒ සියලු කණ්ඩායම් වලට ආරාධනා කළේ ආරක්ෂාව සම්බන්ධව වගකීම අපි අරගෙන. උපරිම ආරක්ෂාව අපි ලබා දෙනවා. පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ.

මම හිතනවා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරගය නරඹන්නට පැමිණෙන්නට අපේක්ෂාවෙන් ඉන්නවා ඇති ඒ ගැනත් හිතලා තමයි විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ.”

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments