රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියේදී.!

රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි පවසයි.

ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරයේදී පවත්වන්නට තීරණය කර ඇත.

බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේදී අද (10) පැවැති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන් මේ බව සඳහන් කළේය.

“රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරයේදී පවත්වන්නට තීරණය කරනු ලැබුවා. එය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් කරන ලද නිර්දේශය අද දින බුද්ධ ශාසන සභාවත් බුද්ධ ශාසන අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන් එකතුව අද තීරණය කළා මේ අවුරුද්දේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වන්න.”

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස (30) වැනිදා පැවැත්වීමට රජය තීරණය කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments