අල්ලස් ගත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ උපදේශකයෙකු අත්අඩංගුවට.!

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සේවය අතහැර යාම නිසා පැමිණිලිකරු නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දෙහිඅත්තකණ්ඩිය කළාපන අධ්‍යාපන කාර්යාලයට කර තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් එම සැකකරුවන් ඉල්ලා ඇත.

ඒ අනුව එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් අද පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments