හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයක නිරත වීම සඳහා රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාරගත කළේය.
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ දෙවන සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඇත.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (11) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සමන් ඒකනායක පෙබරවාරි මස (18) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

