පියුමි හංසමාලිගේ චන්ඩි පුතා ඇතුළු 6ක් රිමාන්ඩ්.!

ත්‍රීරෝද රථ රියැදුරෙකුට සවලකින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එළඹෙන (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (11) නියෝග කළේය.

පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස කීපයකට ඉහතදී යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශය හරහා යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි සැකකරුවන් පිරිස ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශන වලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

පහර කෑමට ලක්වූ ත්‍රි රෝද රථ රියැදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එම පහර කෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments