ශානිගේ නම සඳහන් කරමින් හොර විද්‍යුත් තැපැල් පණිවිඩයක්.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නම භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දැනුම්දීමක් කර ඇත.

අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර යන නාමය භාවිතා කරමින්, කොළඹ 07 ලිපිනය සහ “NationWide Cloud Protection 24/7” වැනි ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් මෙම පණිවිඩ මහජනයා වෙත යොමු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම email පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරනු ලැබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

[email protected], [email protected] යන විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කර ඇති ඉහත ව්‍යාජ විද්‍යත් පණිවිඩ මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු ලබාගැනීම යන වංචනික ක්‍රියාවන් සිදුකිරීමේ අරමුණින් යොමු කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

ඉහත පණිවිඩය යොමු කරනු ලැබූ පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම හා ඒ හා සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest